A Brand of Non Media Shout (Private) Limited

එළවළු මිල අහස උසට…

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ. වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම

මිතුරන් සමග ‌බෙදාගන්න

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ.

වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම කැපීපෙනෙන ලෙස අඩුවිය හැකි බවය.

ඉකුත් දින කිහිපයේම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියේය.

මෙවන් වාතාවරණයක පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට එළවළු තොග ලැබීම සියයට 40කින් පමණ පහළ බැස තිබේ.

“ගොවි බිම්වලින් එළවළු එන ප්‍රමාණය අඩුයි. අමුමිරිස් 1,300ට විතර යයි. මෙහෙම ගියොත් එළවළු විකුණ ගන්න හම්බවෙන්නේ නෑ. වෙනදට කිලෝ 100ක් 150ක් ගෙනියන තොග වෙළෙඳුන් දැන් ගෙනියන්නේ කිලෝ 10ක් 15ක් වගේ.” යැයි වෙළෙඳුන් පවසයි.

මේ අතර පිටකොටුව පොදු ‍වෙළෙඳ සංකීර්ණයේ බොහෝ එළවළු වර්ගවල මිල ගණන් ඊයේ දිනයේ පැවති මිලටම තිබුණත් අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 සිට රුපියල් 1,200 දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙවන් පසුබිමක නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු පසුගිය දිනවල පැවති මිලටම අලෙවි වෙද්දී මාළුමිරිස් කිලෝවක් මිල රුපියල් 840ක් ලෙසත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 800ක් ලෙසත්, කොච්චි මිරිස් කිලෝවක් රුපියල් 1,600ක් ලෙසත් සලාද කොළ කිලෝවක් රුපියල් 1,600ක් ලෙසත් සිල්ලර මිල දැක්වුණි.

මේ අතර අද පස්වරුවේ වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි සතොස ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.

“අපි අද සාකච්ඡා කළා සහන මල්ලක් ලබාදෙන්න. තව දවස් දෙකකින් තුනකින් තෑගි වශයෙන් දෙන්න පුළුවන් තෑගි මල්ලක් සකස් කරන්නත් තීරණය කළා. උත්සව සමය වෙනුවෙන්. ඉදිරියේදී ඒ පිළිබඳ කටයුතු සිදුවෙයි.”

තවත් පුවත්