සූර්යයා ගැන තොරතුරු සෙවීමට විද්‍යාඥයෝ සැමවිටම දැඩි උනන්දුවක් දක්වති.
එය නුදුරේදීම සාර්ථක වීමේ ලකුණු පහළ වෙමින් තිබේ.
අමෙරිකාවේ නාසා ආයතනය විසින් කක්ෂගත කළ ” Parker Solar Probe” යානාව මේ වනවිට සූර්යයාගේ පිටත පසුකර ඇති බව එම ආයතනය පසුගියදා (14) නිවේදනය කළේය.
එම රොබෝ යානාව කක්ෂගත කෙරුණේ මීට වසර 3කට පමණ පෙරදීය.
සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින්, එහි අංශු සාම්පල එක්රැස් කිරීමට එම යානයට හැකියාව ඇති බව නාසා ආයතනය පවසයි.
එම රොබෝ යානය නිපදවා ඇත්තේ ධික තාපයට ඔරොත්තු දෙන අන්දමින්ය.
මේ යානය ගමන් පැයට කිලෝ මීටර් 692,000 වේගයකින් ගමන් කිරීමට සමත් ය.
” Parker Solar Probe” යානය නිපදවීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක් වැයවී තිබුණි.