වසංගතයේ මාරාන්තික රැලි දෙකෙන් පසුවත් රෝගීන් නැවත වරක් ඉහළ යමින් තිබේන අවස්ථාවක බොලිවුඩයේ ජනප්‍රිය තරු මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පැවැත්වූ සාදයකට සහභාගී වී ඇත. එහිදී බොලිවුඩ් සිනමා තාරකාවන් වන කරීනා කපූර් ඛාන්ට සහ අම්රිතා අරෝරාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු මුම්බායි නගර සභාව මඟින් ගොඩනැගිලි රැසක පදිංචිකරුවන් කොරෝනා පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.
විශේෂයෙන් සිනමාකරු කරන් ජොහාර් පසුගිය 8 වැනි දා පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් පිළිබදව යි මෙහි දී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ. සම්බන්ධ වූ පුද්ගලයින්ට පරීක්ෂණයකට භාජනය කරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ. ඔවුන් දෙදෙනාම කොවිඩ් නීති උල්ලංඝනය කර සාද කිහිපයකටද සහභාගී වී ඇත.
එන්නත් මාත්‍රා දෙක ම ලබා සිටිය දී කොරෝනා ආසාදනය වූ කරීනා කපූර් සහ අම්රිතා අරෝරා වාසය කරන මුම්බායි ගොඩනැගිලි තහනම් කලාපයක් බවට පත් කර ඇති අතර දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කර ඇත්තේ, ඔමික්‍රොන් නව ප්‍රභේදයේ අවදානම හේතුවෙන්.
මේ නිසා කොරෝනා ආසාදනය වූ සිනමා නිළියන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනපතා පරීක්ෂා කෙරෙන බව සඳහන්.
කරන් ජොහාර්ගේ රාත්‍රී භෝජනයට සහභාගි වූ ඔවුන්ගේ සොහොයුරියන් වන කරිෂ්මා කපූර් සහ මල්ලිකා අරෝරා ද කොරෝනා ආසාදනය වීමේ අවදානමක සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, දකුණු ඉන්දීය සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපටවල රජු ලෙස වරුදාවලිය ලැබූ අර්ජුන් සර්ජාට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා.