මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කෙසේවෙතත් ඔවුන්ට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
එම ආසාදිතයින් සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔවුන් බූස්ටර් එන්නතද ලබාගත් අය බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ අතර ඔමික්‍රොන් ආසාදනයවී ඇති බවට හඳුනා ගැණුනු ඉන්දීය ජාතිකයා පැමිණ ගිය සමාජ ශාලා සහ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
“මුලින්ම අපි හඳුනාගත්ත රෝගියා තමා නයිජර් රාජ්‍යයේ සිට පැමිණි ඒ කාන්තාව. ඇය විතරයි එන්නත්කරණය කරගෙන තිබුණේ නැත්තේ. අනිත් අය සියලුදෙනාම එන්නත් ලබාගෙන තිබුණේ. ඔවුන්ගේ රෝග ලක්ෂණ ඉතාමත් සුළු රෝග ලක්ෂණ තමා තිබුණේ. ඒ නිසා එයින් හොඳටම පේනවා එන්නත්කරණය මෙම රෝගය වළක්වා ගැනීමට පිටුවහලක්“
ප්‍රශ්නය – විදේශිකයා සමාජ ශාලාවල සැරිසැරූ බවට තොරතුරු වාර්තා වෙනවා.
“පීසීආර් එක පොසිටිව් නිසා තමයි ඔහුව ඒ අදාළ අතරමැදි මධ්‍යස්ථානය වෙත යොමුකරලා තියෙන්නේ. එම කාලසීමාවේ දී මොහු මොන මොන ස්ථානවලට ගියාද කියන එක අපි දැන් හොයාගෙන යනවා. ඒ හැම ස්ථානයක දීම ඔහුගෙන් බෝවීමට හැකියාවක් තියෙනවා ද නැද්ද කියන එක ගැන අපිට පස්සේ තමා ප්‍රකාශ කරන්න හැකියාව තියෙන්නේ.“
ප්‍රශ්නය – ඔමික්‍රෝන් රෝගියෙක් කියලා ඊයේ. නමුත් ඔවුන් දැන් නිරෝධායනය වෙලත් ඉවරයි. ඇයි මෙච්චර කාලයක් ගියේ.
“ජීන් සීකුවින්සින් පරීක්ෂණ කිරීම සඳහා අවම වශයෙන් සතිදෙකක වගේ කාලයක් ගත වෙනවා.“
ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට දෙසැම්බර් මස 3 වැනිදා නයිජර් සිට පැමිණි කාන්තාවකට ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් පසුව තවත් තිදෙනෙකුට එම ප්‍රභේදය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනා ගැනුණි.