A Brand of Non Media Shout (Private) Limited

මෝටර් රථ රියැදුරුට නින්ද යෑමෙන් නවතා තිබූ වෑන් රථය ප‍්‍රපාතයට…

කොට්ටාව සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් ප‍්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුරුව වෑන් රථය අඩි 30 ක් පමණ

මිතුරන් සමග ‌බෙදාගන්න

කොට්ටාව සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් ප‍්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුරුව වෑන් රථය අඩි 30 ක් පමණ ප‍්‍රපාතයේ පිහිටි නිවසක් අසලට පෙරළී ඇතැයි ලිදුල පොලිසිය පැවසීය.

15 දින පස්වරු 4.30ට පමණ මෙම අනතුරු සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප‍්‍රධාන මාර්ගයේ ලිදුල පාමස්ටන් ප‍්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ රියැදුරාට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවී තිබේ. මෝටර් රථයේ ගැටීමෙන් වෑන් රථය ප‍්‍රපාතයට පෙරළී ඇත.

ප‍්‍රපාතයට පෙරලූනු වෑන් රථයේ කිසිවකු සිට නොමැති බවත්, අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනාට කිසිදු තුවාලයක් සිදු වී නැත. අනතුරෙන් මෝටර් රථයට සහ වෑන් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේය.

 

තවත් පුවත්