ගායක හා වාදක අරුණ ලියාන් මහතා විසින් ගායනය වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ගීත 20ක්, ජය ශ්‍රී නමින් සිය තනි නිර්මානයක් වශයෙන් ගායනා කරමින් අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීම අද දින කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් තහනම් කළා.
ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමුඋනේ, සියුමැලි, ශ්‍රිලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුලු ගීත 20 ක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබු අතැර මෙම නඩුව 2021/12/31 දින නැවත කැදවීමටයි තීරණය වූයේ.
දුරකථන රිගින් ටෝන් ක්‍රමය ඔස්සේ වසර 17කට අධික කාලයක් ද මොවුන් දෙදෙනා විසින් අරුණ ලියාන්ව දැනුවත් නොකර විශාල මුදලක් වංචා සහගත ලෙසින් උපයා ඇතැයි සදහන් වේ.
නීතීඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතීඥ සදුන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙතසම්කාර අරුණ ලියාන් වෙනුවෙන් පෙනි සිටියා. රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව අද දින වාරණ නියෝගයක් නිකුත් කලා. නඩුව 2021/12/31 දින නැවත කැදවීමට නියම කළා.
නීගිඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතීඥ සදුන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙතසම්කාර අරුණ ලියාන් වෙනුවෙන් පෙනි සිටියා.