රජිව් ගාන්ධි ඝාතනය සඳහා බෝම්බ කබාය එක්ලස් කළ කොටි සංවිධානයේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයා වූ සුරේෂ් කුමාර්ට එරෙහිව සාක්ෂි දීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා මදුරාසි විනිසුරු පී. වේලූමුරුගම් ඔහුව නිදහස් කර ඇත.
තමිල්නාඩු විශේෂ පොලිස් ඒකකය ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර නඩුව වසර 9ක් තිස්සේ විභාග විය.
සුරේෂ් කුමාර් තවත් බෝම්බයක් එක්ලස් කිරීමට ගොස් පාද දෙකම අහිමි වූවෙකි.
එහෙත් එම සිද්ධිය ගැන විනිසුරු අවධානය යොමුකර නැත.
මොහු තමිල්නාඩුවට පැන ගොස් සටියදී හසු වී තිබේ.