දක්ෂිණ අධිවේග මාර්ගයේ සිදුවූ අනතුරු තුනකින් වාහන 10කට පමණ අලාභහානි සිදුවී තිබේ.
දක්ෂිණ අධිවේග මාර්ගයේ දොඩංගොඩ කිලෝමීටර් 34 කණුව ආසන්න ප්‍රදේශයේදී ඊයේ (17) පස්වරුවේ එම අනතුරු සිදුවී ඇත.
ඉන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබුණි.
අප වාර්තාකරු පැවසුවේ, ලොරි රථයක්, සුඛෝපභෝගී බස් රථ 3ක්, ජීප් රථ 2ක්, මෝටර් රථ 4ක් මෙලෙස අනතුරට ලක්වී තිබූ බවය.
“එම අවස්ථාවේ සිද්ධිය දුටුවෙක් සඳහන් කළේ, “එහාපැත්තේ අනතුරක් වෙලා තිබ්බා. මෙහාපැත්තේ ලයින් එකේ ආපු කාර් එකක් ඒ අනතුර බලන්න බ්රේක් කළා. ඒ පාර ඒකේ ලොරියක් වැදුණා. ඒ පාර බස් එකටත් බ්රේක් කරගන්න බැරි වුණා. ප්‍රපාතයට පෙරළෙන්නේ නැතුව යන්තම් බේරගත්තේ.”