A Brand of Non Media Shout (Private) Limited

නිසි රුපියල් නොදෙන නිසා විදෙස් ශ‍්‍රමිකයෝ ඩොලර් නොදෙති…

ඇතැම් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ මේ දිනවල තාවකාලිකව විදේශ විනිමය එවීමෙන් වැළකී සිටින බව දිවයින ඉරිදා සංග‍්‍රහයට වාර්තාවේ. නිල මාර්ග මගින් ශ‍්‍රී ලංකාවට විදේශ මුදල්

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇතැම් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ මේ දිනවල තාවකාලිකව විදේශ විනිමය එවීමෙන් වැළකී සිටින බව දිවයින ඉරිදා සංග‍්‍රහයට වාර්තාවේ.

නිල මාර්ග මගින් ශ‍්‍රී ලංකාවට විදේශ මුදල් එවීමේදී රටේ පවතින නිල විනිමය අනුපාතයට අනුව බැංකුවලින් ගෙවන්නේ සාපේක්‍ෂව අඩු මුදලක් බැවින් එම අවාසිය නිසා ඔවුන් එම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ.

මහ බැංකුව විසින් දැනට කලක් තිස්සේම ඇමෙරිකානු ඩොලරයට සාප්ක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල රු.200ත් රු.203ත් අතර ස්ථාවර අගයක පවත්වාගෙන යන අතර අවිධිමත් මාර්ග මගින් මුදල් එවීමේදී ඇමෙරිකානු ඩොලරයකට රු.240 ක පමණ මුදලක් ලැබෙන බවද ඔවුහු සඳහන් කරති.

ශ‍්‍රී ලංකාවේ බැංකු මගින් දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලරයකට රු.10 ක් වැඩිපුර ගෙවනු ලැබුව ද ඇමෙරිකානු ඩොලරයකට ලැබෙන්නේ රු.210ක් පමණ බවද එම විදෙස්ගත ශ‍්‍රමිකයෝ සඳහන් කරති.

මේ නිසා ඉකුත් දෙසැම්බර් මසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4ක මුදලක් විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම අඩු වී ඇත.

එසේම එම රු.10ක වැඩිපුර මුදල සහ නිල මාර්ග මගින් විදේශ විනිමය එවීමේදී විදෙස්ගත ශ‍්‍රමිකයන් ලබා දෙන වෙනත් ප‍්‍රතිලාභ ගැන එම රටවල තිබෙන තානාපති කාර්යාල මගින් හෝ ශ‍්‍රී ලංකා රජය මගින් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔවුහු තවදුටත් දිවයින ඉරිදා සංග‍්‍රයයට කියා සිටියහ.

තමන්ට සිදුවන පාඩුව නිසා ඉදිරියේදී තවත් වැඩි මුදලක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඒ අය තම විදෙස් මුදල් තාවකාලිකව ලංකාවට නොඑවා රඳවා ගෙන සිටීමට පෙළඹී ඇති බවද ඔවුහු සඳහන් කරති.

තවත් පුවත්