ඔමික්‍රෝන් ප්‍රභේදය කැපී පෙනෙන වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම වාර්තා වල දැක්වෙන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට රටවල් 89ක ව්‍යාප්ත වී ඇති බවයි.
එම සංවිධානය පවසන්නේ ලොව ඉහළ මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් පවතින ජනගහනයක් වෙසෙන රටවලද ඔමික්‍රෝන් ප්‍රභේදයේ කැපී පෙනෙන ව්‍යාප්තියක් පවතින බවයි.
අද වන වන විට සෑම දින තුනකට වරක්ම ඔමික්‍රෝන් ආසදිතයින් දෙගුණ වීමක් රටවල් බොහොමයක දැක ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සදහන් කරනවා.