2021 නොවැම්බර් මස 01 වැනිදා සිට දෙසැම්බර් 19 වැනිදා දක්වා වූ මාස එකහමාරක කාලය තුළ දිවයිනෙන්ම ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීමේ සිද්ධීන් 820 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට ඊයේ (19 දා* පැවසීය.
එසේම මෙම මාසයේ ගතවූ දින 18 තුළ පමණක් ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීමේ සිද්ධීන් 718 ක් වාර්තාවී ඇතැයිද හෙතෙම කියා සිටියේය.
මෙම පිපිරීම් සිද්ධීන් අතර ගෑස් බටය ආශි‍්‍රත පිපිරීම්, ගෑස් ළිප් පුපුරා යෑම්, රෙගියුලේටරය පුපුරා යෑම වන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම සිද්ධීන් කොළඹ, කෑගල්ල, රත්නපුර, පන්නිපිටිය, අනුරාධපුර ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකින්ම වාර්තාවී ඇතැයිද ඒ මහතා පැවැසීය.