යාපනය කෝපායි පොලිස් වසමේ පාල්පන්නි මංසන්ධියේදී යාපනය සරසවියේ විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (19) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පාල්පන්නි මංසන්ධියේ පිහිටි පෞද්ගලික හෝටලයක් තුල රාත්‍රී භෝජන සංගහයක් පවත්වා ඇති අතර එහිදී දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම ඇති වූ බව මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
එහිදී තුවාල ලැබූ සිසුන් 05 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඉන් තිදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරුවන් පවසනවා.
අදාල පහරදීගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරික්ෂණ කෝපායි පොලීසිය විසින් සිදු කිරීමට නියමිතයි.