මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසියේ පොලිස් සුනඛ අංශයේ ස්ටුවට් සුනඛයාගේ සහය ලබාගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 10 ක් සොයාගැනීමට සමත්ව ඇත.
අනෙක් සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා සොයාගෙන ඇති බවද වාර්තා වෙයි.
වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් 20-30 වයස් කාණ්ඩ වල පසුවන අනුරාධපුර , රාගම සහ කොළඹ අවට පදිංචිකරුවන් බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.