කොළඹ තරු පංතියේ හොටල් කාමරයක ලැඟුම් ගෙන සිටි ජාවාරම්කරුවන් 7දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඊයේ (20) රාත්‍රියේ වලාන දූෂණ මර්ධන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරුවන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි තරු පංතියේ හොටල් කාමරයක ලැඟුම් ගෙන විවිධාකාරයේ කූඨ ජාවරම් කටයුතු වල නිරතව ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
මේ අතර සිටි ප්‍රධාන සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සෙසු සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 40ත් අතර වයසේ පසුවන බවට හෙළිවී තිබේ.
මෙම සැකකරුවන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරමින් විවිධ කූඨ උපක්‍රම භාවිතා කරමින් මහජනතාවගෙන් වංචාසහගත ලෙස මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ එම මුදල් භාවිත කර මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවට හෙළිවී ඇති බවය.
මේ වනවිට මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැනි පුද්ගලයින් සමාජාල හරහා මහජනතාවගෙන් මුදල් වංචා කිරීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව අවධානයෙන් කටයුතු කරන ලෙසය.