A Brand of Non Media Shout (Private) Limited

ත්‍රීවිල් ගාස්තුත් ඉහළට…

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පළමු කිලෝමීටරය

මිතුරන් සමග ‌බෙදාගන්න

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය වු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අපි තීන්දු කරලා තියෙනවා මේ වෙලාවේ පළමු කිලෝමීටරයට රු 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රු 45 දක්වා යන්න. මේකට හේතුව තමයි මේ වැඩිවෙලා තියෙන බඩු භාණ්ඩ සියලුම දේවල් වැඩිවෙලා තියෙද්දි අපේ අය ජීවත් වෙන්න ඕනේ මේ ත්‍රීවිල් රස්සාව කරලා. මේ වෙද්දි කම්පැනිවලින් මගියාව සුරාකමින් තියෙනවා. ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් අපි අවුරුදු 20ක් පමණ ඉඳලා කතා කරනවා ගාස්තු සමාලෝචන කමිටුවක්. නියාමනය ඇතුළේ මේ දේ කරලා දෙන්න කිව්වහම තව තවත් කල්ඇරීමෙන් මේක අයාලේ යනවා. අපි කියනවා මේ වෙලාවේ ගාස්තු සමාලෝචන කමිටුව තුළින් වෘත්තීය රියදුරා හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වෙනවා.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමිය යුතු බවට පෞද්ගලික බස් සමාගම් යෝජනා කර තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ එසේ නැතහොත් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගත යුතු බවය.

මෙම ගැටලුව සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී විසදුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මස සිට පාසල් බස්රථ ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේය.

මේ අතර අද මධ්‍යම රාත්‍රී සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වන පාලන මිලෙන් ඉවත් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

තෙල් මිල ඉහළ යෑම තදින්ම මේ බේකරි කර්මාන්තයට බලපානවා. ඒ විතරක් නෙමෙයි අද වෙනවිට ගෑස් නෑ. පාන්පිටි හිඟයක් පවතිනවා. අමුද්‍රව්‍ය 100%කින් ඉහළ ගොස් තියෙනවා. ඉදිරියට මේ කර්මාන්තය පවත්වාගෙන යෑමේ අභියෝගයකට මුහුණදීමට සිදුවෙලා තියෙනවා. මිල වැඩිකරනවා වැඩිකරනවා කියලා මේකේ සීමාවක් නෑ. අද අපි බේකරිහිමියන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වුවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි තීරණය කළා බේකරි මිල ගණන් තීරණය කිරීම නවත්වන්න. බේකරි හිමියන්ගෙන් පාලන මිලක් නෑ කෑමවලට. ඒ නිසා අපි බේකරිහිමියන්ගෙන් ඉල්ලනවා අද මිල මේක කියලා දැනුම්දීලා ඉදිරියට කරගෙන යන්න.

තවත් පුවත්