එක්සත් රාජධානියේ වෙළඳ ප්‍රචාරණ නිරීක්ෂකයින්, ක්‍රිප්ටෝකරන්සිවලට සම්බන්ධ වෙළඳ දැන්වීම් හතක් තහනම් කර තිබේ.
ප්‍රචාරණ ප්‍රමිති අධිකාරිය (ASA) පවසන්නේ බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ ආයෝජන ‘රතු සංඥා ප්‍රමුඛතාවයක්’ වන නමුත්, ඒ සඳහා පළකෙරෙන බොහෝ වෙළඳ දැන්වීම් මෙම ආයෝජනයේ අවදානම් සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත්ව ඇති බව යි.
තහනම් වූ දැන්වීම් අතර, පීසා අවන්හල් ජාලයකින් ප්‍රවර්ධනය කෙරූ දැන්වීම් මෙන්ම, කේතන මුදල් විශාල ප්‍රමාණයක හුවමාරුවක් සඳහා පළකළ ෆේස්බුක් දැන්වීම් ද විය.
ASA පවසන්නේ ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණය පිළිබඳ නව මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව යි.
මෙම දැන්වීම් හත තහනම් කර ඇත්තේ, “පාරිභෝගිකයින්ගේ අත්දැකීම් නොමැතිකම වගකීම් විරහිත ලෙස ප්‍රයෝජනයට ගැනීම මෙන්ම ආයෝජනයේ අවදානම පැහැදිලි කිරීමට අපොහොසත් වීම” හේතුවෙනි.
නීති කඩකර ඇති දැන්වීම් පළකළ සමාගම් වන්නේ:
- Coinburp: ක්‍රිප්ටෝකරන්සි විකිණුම් වෙබ්අඩවියක් වන කොයින්බර්ප් ආයතනයට අයත් ට්වීටර් පිටුවක්
- eToro (UK): ක්‍රිප්ටෝ කොටස් සහ ක්‍රිප්ටෝකරන්සි විකිණුම් වෙබ්අඩවියක් වන eToro විසින් මුදල් ගෙවා පළකෙරුණු ප්‍රදර්ශක දැන්වීමක්
- Payward: ඔන්ලයින් ක්‍රිප්ටෝකරන්සි හුවමාරු මධ්‍යස්ථානයක් වන ක්‍රැකන් සඳහා නිමැවූ ඩිජිටල් පෝස්ටරයක්
- Exmo Exchange: ක්‍රිප්ටෝකරන්සි හුවමාරු මධ්‍යස්ථානයක් වන Exmo ප්‍රවර්ධනය කරන YouTube වීඩියෝවක්
- Luno Money: ක්‍රිප්ටෝකරන්සි හුවමාරු සේවාවක් වන Luno සඳහා නිමැවූ Apps තුළ ප්‍රදර්ශනය වන දැන්වීමක්
- Coinbase Europe: ක්‍රිප්ටෝකරන්සි හුවමාරු වෙබ්අඩවියක් වන Coinbase සඳහා වූ ගෙවන ලද Facebook දැන්වීමක්
- Papa John’s GB: පපා ජෝන්ස් පීට්සා අවන්හල් ජාලයේ වෙබ් අඩවියේ සහ ට්වීටර් සටහනක ප්‍රචාරය වූ දැන්වීමක්
පපා ජෝන්ස්හි වෙබ් අඩවියේ ප්‍රචාරය වූ තහනම් කරන ලද වෙළඳ දැන්වීම මඟින් පාරිභෝගිකයින්ට පවසා තිබුණේ, “£10ක් වටිනා බිට්කොයින් නොමිලේ ලබා දෙන බව” යි. එමෙන්ම, “ඔබ £30 හෝ ඊට වැඩි මුදලක් වැයකරන විට £15ක ඉතිරිකර, Luno වෙතින් £10ක් වටිනා බිට්කොයින් ලබාගන්න!”යි එහි දැක්වුණි.
පපා ජෝන්ස් සමාගම සඳහන් කළේ එය සිය වාර්ෂික “බිට්කොයින් පීසා දින” සැමරුමේ කොටසක් බව යි. 2010 මැයි මාසයේ දී බිට්කොයින් 10 000ක් ගෙවා පපා ජෝන්ස් පීට්සා දෙකක් මිළටගත් සිද්ධිය සනිටුහන් කරමින් මෙය සැමරෙනබව ඔවුන් ප්‍රකාශ කළේ ය. අද වන විට බිට්කොයින් 10,000ක වටිනාකම පවුම් මිලියන 350කට (ඩොලර් මිලියන 462) අධික ය.
සමාගම පවසන්නේ මෙම ප්‍රවර්ධනය ක්‍රිප්ටෝකරන්සි හෝ ආයෝජන සඳහා එහි යෝග්‍යතාවය පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් නොකරන බව යි.
නොමිලේ බිට්කොයින් පිරිනැමීම, පාරිභෝගිකයෙකුට තම මුදල් මූල්‍ය නිෂ්පාදනයක් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙන සෙනාරියකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත් මෙම ආයතනය පවසා තිබේ.
නමුත් ASA පවසන්නේ මෙම දීමනාවෙන්, “ක්‍රිප්ටෝකරන්සි පිළිබඳ සීමිත දැනුමක් තිබිය හැකි පිරිසකට, බැරෑරුම් සහ වියදම් අධික මූල්‍ය තීරණයක් සුළුකොට පෙන්වා දීම” සිදුකර ඇති බව යි.