A Brand of Non Media Shout (Private) Limited

ඇත්ත වසන් කරනවා: මේ රටේ වන හැම සිදුවීමකම පරීක්ෂණවලට වෙච්ච දෙයක් නෑ! – සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා

ගෑස් ප‍්‍රශ්නය පෝර ප‍්‍රශ්නය පිටුපස සිටින අය රටට හෙළි කළ යුතුයි මේ රටේ සිදුවන සෑම සිද්ධියකදීම සිදුකරන පරීක්‍ෂණවලට සිදුවෙන දෙයක් නැතැයි ද සිදුවන්නේ සත්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

ගෑස් ප‍්‍රශ්නය පෝර ප‍්‍රශ්නය පිටුපස සිටින අය රටට හෙළි කළ යුතුයි

මේ රටේ සිදුවන සෑම සිද්ධියකදීම සිදුකරන පරීක්‍ෂණවලට සිදුවෙන දෙයක් නැතැයි ද සිදුවන්නේ සත්‍ය වසන් කිරීමක් යැයි ද කොළඹ අගරදගුරු පදවි පාස්කු ප‍්‍රහාර ප‍්‍රකාශ කමිටුවේ සහ ඥානාර්ථ ප‍්‍රදීපයේ ප‍්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා ඊයේ (21 දා* කොළඹ අගරදගුරු මැඳුරේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාස්කු ප‍්‍රහාරයට මාස 32 ක් ගතවීම නිමිත්තෙන් අගරදගුරු මැඳුරේ සෙත්සරණ ශාලාවේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් මෙසේද පැවසීය.

සහරාන් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න තිබියදී කුමන්ත‍්‍රණ සිද්ධියකට ඞී. අයි. ජී. නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගත්තා.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබෙන බව නාමල් කුමාර නමැත්තා හෙළි කළා.

ඒ පිළිබඳව සිදුකළ පරීක්‍ෂණවලට මොකද වුණේ. අද ගෑස් ප‍්‍රශ්නය උග‍්‍රවෙලා. මේ ගෑස් ප‍්‍රශ්නය පසුපස සිටින පුද්ගලයන් කවුද?

ඒ ගැනත් රටට හෙළි කරන්නැයි අපි ඉල්ලා සිටිනවා. පොහොර ප‍්‍රශ්නයට මෙතෙක් නිසි පිළිතුරක් නැහැ. පොහොර නැවට වන්දි ගෙවන්නෙත් ජනතාවගේ සල්ලිවලින්. මෙම සිද්ධිවල ඇත්ත තාමත් අනාවරණය වෙන්නේ නැහැ. රටේ ඩොලර් ප‍්‍රශ්නය තදින් බලපානවා. ආණ්ඩුව මෙහි සත්‍ය වසන්කරන්නේ ඇයි.

පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළිකර ගත් කරුණු අනුව ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් කියවී තිබෙනවා. ඇත්ත සොයාගන්නේ නැතිව සාධාරණය ඉටුකරන්න බැහැ. මේ සෑම සිද්ධියකදීම ඇත්ත සොයා ගත යුතුයි.

සමහරු කියයි අපි සමාව දෙන්නේ නැහැ කියලා. ඒත් අපි සමාව දෙනවා. හැබැයි වැරදිකරු ඉදිරිපත් වුණොත් පමණයි.

තවත් පුවත්