A Brand of Non Media Shout (Private) Limited

ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට…

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය. කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීම

මිතුරන් සමග ‌බෙදාගන්න

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම තිදෙනා අතරින් එක් අයෙකු ටැන්සානියාවේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා සුඩානයේ සිට පැමිණ ඇති බවට අනාවරණ වී ඇත.

අවුරුදු 33,35 සහ 47 යන වයස්වල පසුවන මෙම ආසාදිතයින් ඔවුන් පසුගිය 16 වනදා සහ 20 වනදා මෙරටට පැමිණ ඇති බවද සඳහන් වෙයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමුව ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 7කි.

තවත් පුවත්