ලබන බදාදා පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කලේ අද පෙරවරුවේ පෞද්ගලික බස් රථ සංගම් හා පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එම සාකච්චාවට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,අන්තර් පළාත් පෞද්ගලික බස් සංගම් සභාපති සරත් විජිත ,ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂී වැලිගම යන මහත්වරුන් සහභාගී වුණා.