චීනයට පක්ෂපාතී අපේක්ෂකයින් හොංකොං ව්‍යවස්ථාදායක කවුන්සිලයේ (ලෙග්කෝ) මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නගරයේ මෙතෙක් වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර දැකගත හැකිවිය.
චීනය විසින් නගරයේ මැතිවරණ ක්‍රමයට විශාල මෙන් ම මතභේදාත්මක වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව පළමු වරට පැවැත්වූ ව්‍යවස්ථාදායක කවුන්සිල මැතිවරණය මෙය යි.
ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මෙම වෙනස්කම් සිදුකළ බවට නිලධාරීන් තර්ක කළ මුත්, විචාරකයින් පවසන්නේ ඒවායින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කෙරුණු බව යි.
දෙසැම්බර් 20 වන දා, චීනය විසින් ‘හොංකොංහි ගතිලක්ෂණ සහිත ප්‍රජාතන්ත්‍රවාදය’ සංක්ෂිප්ත කළ ප්‍රකාශයක් ද එළිදැක්වී තිබුණි.
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පැය කිහිපයකට පසු නිකුත් කරන ලද ධවල පත්‍රිකාවක් මඟින් චීනය කියා සිටියේ, තමන් හඳුන්වාදුන් වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස හොංකොං දැන් ‘ප්‍රතිසංස්කරණය වූ නව අදියරකට’ පිවිසෙන බව යි.
නමුත් බටහිර රටවල් කණ්ඩායමක් හොංකොං මැතිවරණ ක්‍රමයේ “ප්‍රජාතන්ත්‍රවාදී අංග බැහැරවීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල” ප්‍රකාශකර තිබේ.
“බලය පැවැරීමෙන් පස්සේ විවිධ දේශපාලන මත දරන අපේක්ෂකයින් හොංකොං මැතිවරණයට ඉදිරිපත් වී සිටියා. ඊයේ පැවති මැතිවරණය මෙම ප්‍රවණතාවය වෙනස් කරලා තියෙනවා,” ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, සහ නවසීලන්ත විදේශ අමාත්‍යවරු මෙන් ම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ. “මෙම වෙනස්කම්වලින් විරුද්ධ දේශපාලන පක්ෂයන් නිහඬ කළා”