A Brand of Non Media Shout (Private) Limited

කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්..

නත්තල සහ උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. නත්තල් දිනයේ මහජනතාව

මිතුරන් සමග ‌බෙදාගන්න

නත්තල සහ උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා.

නත්තල් දිනයේ මහජනතාව ඒකරාශිවන ස්ථාන වෙත පොලිසියේ විශේෂ අවධානය යොමුකර ඇති බවත් පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදී දිවයිනේ සියළු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති අතර අවශ්‍ය ස්ථාන වෙත හමුදාව යෙදවීමට ද සුදානම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසන්නේ.

මේ අතර උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන්නේද නැද්ද යන්න පිලිබඳව සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක්ද පත්කර තිබෙනවා.

තවත් පුවත්