2021 ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දෙවැනිවරටත් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 201ක්.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63යි.
ජයග්‍රහණය සදහා ලකුණු 202ක ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණයි.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 54යි.
කුසල් මෙන්ඩිස් ලකුණු 39යි.
පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 2ක බැගින් දවාගත්තා.