A Brand of Non Media Shout (Private) Limited

ජනපති නත්තලට සුභ පැතුම් එක්කරයි…

ජේසුස් ක්‍රිස්තුස් සමිඳානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝකවාසී කිතුනු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙන දෙමින් සැම

මිතුරන් සමග ‌බෙදාගන්න

ජේසුස් ක්‍රිස්තුස් සමිඳානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝකවාසී කිතුනු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙන දෙමින් සැම දෙනා ප්‍රීතියට පත් කරන උතුම් මංගල්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සමාජයීය වශයෙන් ද නත්තල හා බැඳුනු සංස්කෘතිය ඉතා ප්‍රබෝධජනක මෙන්ම මිත්‍රශීලී එකක්. නත්තලේ සංස්කෘතිය ජාති, ආගම් හෝ වයස් භේදයකින් තොරව සියලුදෙනා මනස තුළ ඉතා අසිරිමත් ලෙස සනිටුහන්වී තිබෙනවා.

සාමය, කරුණාව, ප්‍රේමය වැනි උත්කෘෂ්ට ඉගැන්වීම් තුළින් අනවබෝධය තුරන්කොට පාප අන්ධකාරයෙන් මිදුනු යහපත් ජීවන රටාවකට කිතු දහම මග පෙන්වන බවයි ජනාධිපතිවරයා සිය නත්තල් පණිවිඩයෙන් දක්වා ඇත්තේ.

මෙවර නත්තල් මංගල්‍යය වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සුභ ආරංචිය ශ්‍රී ලංකාවාසී කිතුනුවන් ඇතුළු ලෝ වැසි සැම හදවතකටම සමීප වන ප්‍රීතිමත් සුබ නත්තලක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් දින පණිවිඩයෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. බෙත්ලෙහෙමේ දිලිඳු ගවලෙනක ගව ඔරුවක උපන් ජේසු බිලිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙනදුන් බවයි අග්‍රාමාත්‍යවරයා සිය නත්තල් දින සුබ පැතුම් පණිවිඩයේ දක්වා ඇත්තේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බිඳවැටුනු ලෝකයට නව අරුතක් ගෙන ඒමට මෙන්ම බලාපොරොත්තුවේ සුබ ප්‍රාර්ථනාවන් තුළින් නත්තල අරුත් ගැන්වීම ජනතාවට භාර බව අග්‍රාමාත්‍ය මහින්ද රාපපක්ෂ මහතා සිය නත්තල් දින සුබ පැතුම් පණිවිඩයේ දක්වා තිබෙනවා.

තවත් පුවත්