වංචාකාරී ලෙස ක්‍රියා කරමින් සිය 09වැති කොවිඩ් එන්නත් මාත්‍රාවත් විද ගැනීමට උත්සාහ කළ 33 හැවිරිදි පුද්ගලයෙකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
නමක් අනාවරණය වී නොමැති මෙම පුද්ගලයා එරට චාර්ලෙරොයි පළාත් පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
එන්නත්කරණයට අකමැති පුද්ගලයෙකුගේ ව්‍යාජ හැඳුනුම්පතක් යොදා ගනිමින් ඔහු, එන්නත් විද ගැනීමට පසුගිය ඉරිදා දිනයේදී එම පළාතේ එන්නත් මධ්‍යස්ථානයකට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට එම පුද්ගලයා මෙම මධ්‍යස්ථායම මීට පෙර අවස්ථා 08කදී එන්නත් මාතා විද ගෙන තිබේ. එහිදී ඔහු එකිනෙකට වෙනස් හැදුනුම්පත් ඒ සදහා ඉදිරිපත් කර ඇත. එන්නත් විද ගැනීමකින් තොරව සිය කාඩිපතෙහි පූර්ණ එන්නත්කරණය සිදු කරගත් බවට සඳහන් කරගැනීමට කැමති වූ පිරිස් මෙලෙස ඔහු වෙත ඔවුන්ගේ හැඳුනුම්පත් ලබා දී තිබේ.
ඒ අනුව මෙම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත්, එන්නත් විද ගැනීමෙන් මගහැරීම සඳහා ඔහුගේ සේවාව ලබාගත් පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වන බවත් ඛෙල්ජියානු බලධාරින් සඳහන් කරයි.