සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

2025 වසරට අදාළ 05 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය අග‌ොස්තු මස 10 වන දින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සඳහා අප්‍රේල් මස 04 වනදා සිට

මිතුරන් සමග බෙදාගන්න

2025 වසරට අදාළ 05 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය අග‌ොස්තු මස 10 වන දින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සඳහා අප්‍රේල් මස 04 වනදා සිට 30 වනදා දක්වා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

එදින මධ්‍යම රාත්‍රි 12.00න් එම මාර්ගගත ප්‍රවේශය වැසෙනු ඇති බවත් අයදුම්පත්‍ර භාරගැනීමේ දිනය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණය.

ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු විය යුතුය.

විභාගයට අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව www.onlineexams.gov.lk/eic ‌වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් විස්රාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්