සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

2025 වසරට අදාළ 05 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය අග‌ොස්තු මස 10 වන දින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සඳහා අප්‍රේල් මස 04 වනදා සිට

මිතුරන් සමග බෙදාගන්න

2025 වසරට අදාළ 05 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය අග‌ොස්තු මස 10 වන දින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සඳහා අප්‍රේල් මස 04 වනදා සිට 30 වනදා දක්වා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

එදින මධ්‍යම රාත්‍රි 12.00න් එම මාර්ගගත ප්‍රවේශය වැසෙනු ඇති බවත් අයදුම්පත්‍ර භාරගැනීමේ දිනය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණය.

ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු විය යුතුය.

විභාගයට අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව www.onlineexams.gov.lk/eic ‌වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් විස්රාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්