අවම වශයෙන් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා .
හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට අද ( 26) සහභාවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
”ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව මතුවන ප්‍රශ්නය තමයි ප්‍රවාහන ගාස්තු ඉහළ යාම.ඒ අනුව ලබන බදාදා වෙනකොට බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ අපට තීරණයක් ගන්න වෙනවා.රටේ පවතින තත්ත්වය අනුව ප්‍රවාහන ඇමැති වශයෙන් බස් ගාස්තු වැඩි කරලා ජනතාවගෙන් කුණුහරප අහගන්න මම කැමැති නෑ.නමුත් සියලු දේ ඒකාබද්ධව සමබරව කළ යුතුයි.ඉන්ධන මිල ඉහළ දමලා බස් ගාස්තු පහළට දමනවා වගේ ප්‍රාතිහාර්යක් පාන්න අපට බෑ.ඒ නිසා ලබන බදාදා වන විට යම් බස්ගාස්තු සංශෝධනයකට අපට අකමැත්තෙන් වුවත් යන්න වෙනවා.හැබැයි ඒ සංශෝධනයට අපි යන්නේ ඉන්ධන මිල පහළ වැටීමක් සිදුවුණොත් නැවතත් බස් ගාස්තු අඩු කරන කොන්දේසිය මත පමණයි.නමුත් පවතින කොවිඩ් තත්ත්වය මත ආසන ගත මගින් පමණක් රැගෙන යාමේ නීතිය ඉවත් කිරීමට අපිට උපදෙස් ලැබිලා නෑ” යනුවෙන්ද හෙතෙම සඳහන් කළේය.