A Brand of Non Media Shout (Private) Limited

රියදුරාව මත්කර වාහන සොරකම් කළ තරුණයෙක් අත්අඩංගුවට…

අන්තර්ජාලය මගින් කුලී ගමනකට වාහනයක් වෙන්කරවා ගෙන ගොස් එහි රියදුරා මත්කර වාහනය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු විසින් කුලී

මිතුරන් සමග ‌බෙදාගන්න

අන්තර්ජාලය මගින් කුලී ගමනකට වාහනයක් වෙන්කරවා ගෙන ගොස් එහි රියදුරා මත්කර වාහනය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් කුලී ගමනක් යන මුවාවෙන් ගොස් රුපියල් 4,304,000ක් වටිනා වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක්, එහි රියදුරුට මත්වීම සඳහා පානයක් ලබාදී එම මෝටර් රථය සොරකම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට තොරතුරක් ලැබී තිබුණි.

පසුව එම විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඊයේ (26) මාවනැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරපත්කළ බව පොලීසිය පැවසීය.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 33 හැවිරිදි එපිටවල, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරු විසින් මෙවැනි ආකාරයට සීදුව පොලිස් වසමේදී රියදුරෙකුට ද මත්පෙති ලබාදී මොටර් රථයක්ද, ජාඇල පොලිස් වසමේදී ත්‍රිරෝද රථයක්ද සොරකම් කර විකුණා ඇති බවට පොලීසිය පවසයි.

අදාළ සැකකරු විසින් සොරකම්කරන ලද වාහන, අන්තර්ජාලය උපයෝගී කර ගෙන අඩු මිලට විකුණන බවද පොලිසීය විසින් තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් පුවත්