A Brand of Non Media Shout (Private) Limited

නේපාලය පරදා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට විශිෂ්ඨ ජයක්…

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවති තරගයෙන් ලකණු 60ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යොවුන්

මිතුරන් සමග ‌බෙදාගන්න

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවති තරගයෙන් ලකණු 60ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ඊයේ(26) සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත් පන්දුවාර 50 තුලදී කඩුලු 4ක් දැවී ලකුණු 322ක් රැස්කළා.

එහිදී සදිෂ රාජපක්ෂ ලකුණු 131 සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 111ක් ලබාගත්තා.

ජයග්‍රහණය සදහා ලකුණු 323ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි නේපාල යොවුන් ක්‍රීඩකයින්ට පන්දුවාර 47කුත් පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 262ක් පමණයි.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ සහ රවින් ද සිල්වා කඩුලු 3 බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සහභාගී වන ඊළඟ තරගය හෙට බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත්