A Brand of Non Media Shout (Private) Limited

මධුසමයට ශ‍්‍රී ලංකාවට පැමිණි ලෙබනන් යුවළට සිදු වු ගුවන් අනතුර – හතරකට තුවාලයි

ශී‍්‍ර ලංකාවේ තම මධුසමය ගත කිරීමට පැමිණි ධනවත් ලෙබනන් ජාතික තරුණ යුවළක් ඊයේ (27දා) සැහැල්ලූ ගුවන් යානයකින් සීගිරිය නැරඹීමට ගොස් කොග්ගල බලා පියාසර කරමින්

මිතුරන් සමග ‌බෙදාගන්න

ශී‍්‍ර ලංකාවේ තම මධුසමය ගත කිරීමට පැමිණි ධනවත් ලෙබනන් ජාතික තරුණ යුවළක් ඊයේ (27දා) සැහැල්ලූ ගුවන් යානයකින් සීගිරිය නැරඹීමට ගොස් කොග්ගල බලා පියාසර කරමින් සිටියදී ගුවන්යානයේ හටගත් හදිසි දෝෂයක් නිසා එම ගුවන්යානය හදිසියේ කිඹුලාපිටිය පත්තායම් වත්ත ප‍්‍රදේශයේ පිහිටි කුඹුරු යායකට  ගොඩබස්සවා ඇත.

එම ගුවන්යානයේ ගමන්ගත් විදේශික යුවළ සහ නියමුවන් දෙදෙනා එහිදී තුවාල ලබා ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ‘සෙස්නා’ වර්ගයේ ගුවන් යානයෙන් විදේශීය යුවළ ගුවන්ගත වි ඇත්තේ ඊයේ උදෑසන රත්මලානෙනි. ඔවුන් සීගිරිය නැරඹීමෙන් පසු කොග්ගල බලා පියාසර කිරීමේදී ගුවන් යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇත.

එහිදී වහා කි‍්‍රයාත්මක වූ ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් ගුවන් යානය සහ එහි ජීවිත බේරා ගැනීමේ අරමුණෙන් කටාන පොලිස් වසමේ පත්තායම්වත්ත ප‍්‍රදේශයේ පිහිටි කුඹුරු යායකට ගොඩ බස්සවා ඇත.

කටාන පොලිසිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මෙම අනතුර ඇසින් දුටු කිඹුලාපිටිය කේ. අර්නස්ට් ප‍්‍රනාන්දු මහතා සිද්ධිය විස්තර කළේ මේ අයුරිනි.

‘‘මේ කුඹුරුයාය අපේ. ඒකට යන්න තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ පාරෙන්. ඒ පාරට තමයි යානය වැටුණේ. මේ යානය බිමට පතිතත වනවිට දවල් 1.40ට විතර ඇති. අපේ කුඹුරු පැත්තෙන් ලොකු ශබ්දයක් ඇහුණා. මම දුවලා ගිහිල්ලා බලද්දි ගුවන්යානයක් වැටිලා. ඒකෙ ඇතුලේ කිහිපදෙනෙක් කෙඳිරි ගානව ඇහුණා.

ගුවන්යානයේ නියමුවන් දෙන්නට අමතරව, තවත් විදේශ යුවළක් හිටියා. ඒ අය ලෙබනන් ජාතිකයෝ කියලා පස්සෙයි දැක්කෙ.

ඒ විදේශිකයින්ගෙන් පිරිමි කෙනාට බරපතළ තුවාල වෙලා තිබුණා. කුඹුරට ගොඩබාන්න කලින් කොන්කි‍්‍රට් පාරට යානය වැටිලා. ඒකයි අනතුර දරුණු වුණේ. පැය භාගයකට විතර පස්සෙ තමයි ගිලන් රථ ගෙනල්ලා මේ අය මිගමුව රෝහලට ගෙන ගියේ.

හානි වූ ගුවන්යානයේ ආරක්ෂාවට කටුනායක ගුවන් හමුදා කඳවුරේ භටයින් යොදවලා තියෙනවා. සකුරා එවියේෂන් ආයතනයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණියා. අද (28 දා) හානියට පත්වූ යානය ඉවත් කර ගැනීමට නියමිතයි.

මීගමුව සමූහ – විමල් කීර්ති,  ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල, කැස්බෑව – ජයසිංහ

ඡායා – මීගමුව විමල් කීර්ති

තවත් පුවත්