බාබා වැන්ගාගේ 2022 අනාවැකි

බල්ගේරියාවේ බබා වන්ගා (වැන්ජෙලියා ගුෂ්ටෙරෝවා) 1911 වර්ෂයේදී බල්ගේරියාවේ උපත ලැබූ කාන්තාවක් වනවා. ඇය කුඩා කාලයේදී ටෝර්නේඩෝවකට හසුවීමෙන් අතුරුදහන්වී පැය කිහිපයකට පසුව ගම්වැසියන් විසින් සොයා

මිතුරන් සමග ‌බෙදාගන්න

බල්ගේරියාවේ බබා වන්ගා (වැන්ජෙලියා ගුෂ්ටෙරෝවා) 1911 වර්ෂයේදී බල්ගේරියාවේ උපත ලැබූ කාන්තාවක් වනවා. ඇය කුඩා කාලයේදී ටෝර්නේඩෝවකට හසුවීමෙන් අතුරුදහන්වී පැය කිහිපයකට පසුව ගම්වැසියන් විසින් සොයා ගනු ලැබූ අතර, එතැන් පටන් ඇය ගේ දෙනෙත් අන්ධ විය.,වයස අවුරුදු 12 දී ඇගේ පෙනීම නැතිවීමෙන් පසුව අනාගතය දැකීමට හැකියාව ලැබී ඇත.

පළමුව ඇයගේ එම ප්‍රකාශය ගම්වැසියන් විසින් හාස්‍යට ලක් කෙරුණද පසුව ඇය විසින් පලකරනු ලැබූ අනාවැකි එකිනෙක සැබෑ වීමත් සමග ඇයට “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා. 1996 වර්ෂයේදී මියගිය බාබා වැන්ගා විසින් වර්ෂ 5079 දක්වා ලෝකය තුල සිදුවිය හැකි ඇතැම් කරුණු සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබෙනවා.

ඩයනා කුමරියගේ මරණය, 9/11 දින අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයේ ඉවත්වීම ඇතුළු අනාවැකි රැසක් පළකර සිටි බාබා වැන්ගා විසින් 2022 සඳහා භයානක අනාවැකි හයක් පවසා ඇත.

එම අනාවැකි අනුව

ලබන වසර අවසන් වන විට ස්වාභාවික විපත්, ජල අර්බුදයක් සහ පිටසක්වල ආක්‍රමණයක් ගැන පවසා ඇත .මුළු ලෝකයටම අභියෝගාත්මක 2021 තිබියදීත්, බාබා වැන්ගාගේ මීළඟ අනාවැකිය තව දුරටත් විනාශයෙන් සහ අඳුරෙන් පිරී පවතී.

දේශගුණික විපර්යාස මගින් මුදා හරින ශීත කළ වෛරසයක් හේතුවෙන් සයිබීරියාවේ දී මෙවර සොයා ගන්නා ලද තවත් වසංගතයක් ගැන ද ඇය පවසා ඇත. එනම් සයිබීරියාවේ හිමමත තිබෙන මෙම වෛරසය පර්යෙක්ෂකයින් විසින් සොයා ගැනෙනු ඇති බවත් එය මනුෂ සංහතියට දැඩි තර්ජනය ගෙන දෙනු ලබන වෛරසයක් වන බවයි ඇය විසින් සඳහන් කර ඇත්තේ.

මේ අතර, විකල්ප සොයා ගැනීමට රටවලට බල කෙරෙන බැවින් බොහෝ නගර දේශපාලන ප්‍රතිවිපාක සමඟ ජල හිඟයෙන් පීඩා විඳිති, එනම් ලොවපුරා පානිය ජල ගැටළුව උග්‍ර අතට හැරීම, ලෝකයේ බහුතරයක් මනුෂ්‍යයින් සැබෑව නොව අත්‍ය යථාර්ථය තුල ජීවත්වීමට හුරුවීම සම්බන්ධයෙන් ද බාබා වැන්ගා අනාවැකි පළකර තිබෙනවා.

මේ සියල්ලටම අමතරව 2022 වර්ෂයේදී හිතකර නොවන ප්‍රතිඵලයක් සමඟ පෘථිවියේ ජීවය සෙවීමට ග්‍රහකයක් යවා පිටසක්වල ජීවීන් ග්‍රහලෝකය ආක්‍රමණය කරනු ඇති බවද ඇය සිය අනාවැකි අතර සඳහන් කර ඇත ( බාබා වැන්ගා විසින් මෙය හඳුන්වා ඇත්තේ ‘Oumuamua’ යනුවෙනි)

ඉන්දියාවේ සාගතයක් ගැන අනාවැකි පළ කර ඇති අතර එහිදී උෂ්ණත්වය අංශක 50 දක්වා ළඟා විය හැකි අතර එමඟින් පළඟැටියන් බෝගවලට පහර දෙනු ඇති බවට ද ඇය අනාවැකි පළකර ඇත.

තවද ඕස්ට්‍රේලියාවේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල ‘දැඩි ගංවතුර’ ගැන පැවසූ ප්‍රබල සුනාමි තත්ත්වයක් සහ භූමිකම්පා තත්ත්වයක් සම්බන්ධයෙන් ද ඇය විසින් අනාවැකි පළකර තිබෙනවා.

බොහෝ අය විශ්වාස කරන්නේ 1996 දී ඇයගේ මරණයෙන් පසුව බාබා වැන්ගාගේ අනාවැකි දිගටම සැබෑ වන බවයි.

තවත් පුවත්