A Brand of Non Media Shout (Private) Limited

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනියම දුර ගමන් තහනම්

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට නව නීතියක් පැණවීමට තලෙයිබාන් පරිපාලකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කාන්තාවන්ට තනිව දුර ගමන් යාම තහනම්. කිසියම් කාන්තාවකට දුර ගමනක් යාමට අවශ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට නව නීතියක් පැණවීමට තලෙයිබාන් පරිපාලකයින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව කාන්තාවන්ට තනිව දුර ගමන් යාම තහනම්.

කිසියම් කාන්තාවකට දුර ගමනක් යාමට අවශ්‍ය නම් පවුලට සමීප පිරිමි පුද්ගලයෙකු කැටුව යාම අනිවර්යය බවටයි තලෙයිබාන් සංවිධානය නව නීතිය මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ආගමට අනුව හිස් හෝ මුහුණු ආවරණ නොපළදින කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් නොදෙන ලෙසටයි එම සංවිධානය වාහන හිමිකරුවන්ට දන්වා ඇත්තේ. වාහන තුළ සංගීත වාදනයද තහනම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ පාලනය තලෙයිබාන් සංවිධානය විසින් ඔවුන් යටතට ගනු ලැබීමෙන් පසු එරට කාන්තාවන්ට පැනවූ නවතම තහනම මෙයයි.

මීට පෙර ගැහැණු ළමුන් පාසල්වලට ඇතුළත් වීමේදී විවිධ සිමා පැනවු ඔවුන් කාන්තාවන්ට රාජකාරී කිරීමද තහනම් කළා.

කාන්තාවන්ට දුරගමන් යාමේදී පනවා ඇති තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද විවේචනය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ මෙවැනි නීති මගින් කාන්තාවන් සිරකරුවන් බවයි.

තවත් පුවත්