A Brand of Non Media Shout (Private) Limited

කිරිපිටි මිල ඉහළට..

ආනයනික කිරිපිටි මිල කිරිපිටි ආනයනකරුවන් විසින් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් ඉහළ යනු ඇති. ඒ අනුව ග්‍රෑම්

මිතුරන් සමග ‌බෙදාගන්න

ආනයනික කිරිපිටි මිල කිරිපිටි ආනයනකරුවන් විසින් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් ඉහළ යනු ඇති.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 150කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ මිල යළිත් වරක් ඉහළ යාම හේතුවෙන් පවතින මිල ගණන් යටතේ කිරිපිටි තවදුරටත් ලබාදීමට නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් විසින් පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ද පවතිනවා.

මේ වන විට කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 480කට සහ කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,195කට අලෙවි කෙරෙනවා.

මේ අතර දියර කිරි ඇසුරුම් කිරීම් සඳහා රජය විසින් 5%ක බද්දක් පැනවීමත් සමඟ අදාළ සමාගම් දියර කිරි මිලද ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසනවා

තවත් පුවත්