A Brand of Non Media Shout (Private) Limited

ප්‍රංශයත් ඔමික්‍රෝන් ග්‍රහණයට..

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා

මිතුරන් සමග ‌බෙදාගන්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වනවා.

ඒ අනුව මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, ඊයේ දිනයේ දී පමණක් ප්‍රංශයෙන් නව covid-19 ආසාදිතයින් 179,807ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිත මරණ ද 290ක් ද එරටින් වාර්තා ද වී තිබෙනවා.

කෙසේ වෙතත් රට තුළ ඇදිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වාර්තාවනවා.

මේ අතර, ඇමරිකාව ඇතුළු රටවල් රැසක ඔමික්‍රොන් වෛරස් ප්‍රභේද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර, ඇතැම් රටවල් මේ වනවිටත් සංචරණ සීමා පනවා තිබෙනවා.

තවත් පුවත්