ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ යොවුන් (වයස අවුරුදු 19න් පහළ) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද (30) ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව මෙහි එක් තරගයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිදී පැවැත්වෙන අතර අනෙක් තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර සාජාහිදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය “ඒ” හා “බී” ලෙස ඛාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණා.
වසර 32ක අතීතයක් ඇති ආසියානු යොවුන් කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව මේ දක්වා කිසිදු ශූරතාවක් හිමි කර ගෙන නැහැ.
රී ලංකා කණ්ඩායමට 1989,2003,2016 හා 2018 යන වර්ෂවලදී අනුශූරතාවයෙන් පමණක් සෑහීමට සිදුවුණා.