A Brand of Non Media Shout (Private) Limited

ආණ්ඩුව ජනතා ගැටලුවලට ඇහුම්කන් දෙන්නේ නැත්නම් සියලු තනතුරු අත්හරිනවා – නිමල් ලාන්සා

ජනතා ගැටලුවලට වත්මන් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම් සිය තනතුරු අත්හරින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මිගමුව ප්‍රදේශයේ

මිතුරන් සමග ‌බෙදාගන්න

ජනතා ගැටලුවලට වත්මන් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම් සිය තනතුරු අත්හරින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මිගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

“සමහර ආයතනවලට වගකීමක් තියෙන අය පත්කරලා නෑ කියලා තමයි අපිට පේන්නේ.වගකීමක් භාර ගත්තා නම් වගකීම ඉටුකරන්න.එක එකාට බෝල පාස් කරලා හරියන්නේ නෑ.අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමෙයි. තනතුරු අතහැරලා යන්න අපි සූදානම්. අපි මේක ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්.ඒකට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඒ අයට විරුද්ධව ජනතාව එක්ක පෙළගැහිලා ඒ අයව එළවනකම් නතතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම් අපේ තීන්දු ගනන් ගන්නේ නැතුව ඉන්නවා නම් මේ තනතුරු වරප්‍රසාද අතහැරලා වාහන භාරදීලා මිනිස්සු එක්ක හිටගෙන සටන් කරනවා”

තවත් පුවත්