රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මත් උවදුර රටින් තුරන් කිරීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාව පසුබට නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුද හමුදාපතිවරයා මේ බව පවසා සිටියේ නව වර්ෂය සඳහා රාජකාරී ආරම්භ කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුධ හමුදා මුලස්ථානයේ පැවති උත්සවයට එක් වෙමින්.
”කොවිඩ් වසංගතය පාලනය වෙනුවෙන් යුද හමුදාව වැදගත් මැදිහත් විමක් සිදුකළ අතර යුද හමුදාව තුළ කොවිඩ් ව්‍යාප්තියක් නොවන අයුරින් පියවර ගැනීමට හැකිවුවා. එමෙන්ම රටේ ජනතාව කොවිඩ් වලින් ආරක්ෂා කිරීමට අපි වගකීමෙන් කටයුතු කළා.යළ කන්නයේ සිට හරිත කෘෂි කර්මාන්තය රට තුළ යථාර්ථයක් කරලීමට අපි කැපවෙනවා.මේ සදහා රටම ආවරණය වන ප්‍රායෝගික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නංවනවා.කොවිඩ් පාලනයට දැක්වු දායකත්වයට නොදෙවෙනි දායකත්වයක් මීට අපි ලබාදෙනවා.ජනතාව පීඩාවට පත්වන අවස්ථාවල ජනතාව වෙනුවෙන් සේවය කිරීමට යුද හමුදාව කැපවෙනවා.එහෙත් ප්‍රමුඛතම වගකීම ජාතික ආරක්ෂාව ඉටු කිරිමයි.මත්උවදුර හා සමාජ විරෝධි ක්‍රියාවන්ට එරෙහිව අපි පියවර ගන්නවා.මහජන ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරියටත් කටයුතු කරනවා. රටේ ආරක්ෂාව පළුදු වීමට ඉඩ දෙන්නේ නැහැ.යුද හමුදාව සාමසාධක ක්‍රියාවළියට එක්ව රටට විදේශ විනිමය ගෙන එනවා.හමුදාවේ විනය පවත්වා ගැනීමට පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකයි.අපිට එරෙහිව බොරු ප්‍රචාරයන් සිදුකරන අය පිළිබදව අවධානයෙන් නව වසරේ ද අපේ කිර්ති නාමය ආරක්ෂා කරගමු.”(ninenews.lk)