A Brand of Non Media Shout (Private) Limited

සති දෙකක් ඇතුළත ලංකාවටම අවශ්‍ය ගෑස් සපයා දිය හැකියි – ලාෆ් සමාගම

නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දිය හැකි නම් සති දෙකක් ඇතුළත ලංකාවටම අවශ්‍ය ගෑස් සපයා දිය හැකි බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච්.වෑගපිටිය

මිතුරන් සමග ‌බෙදාගන්න

නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දිය හැකි නම් සති දෙකක් ඇතුළත ලංකාවටම අවශ්‍ය ගෑස් සපයා දිය හැකි බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච්.වෑගපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට ඉහතදී දෛනිකව ගෑස් සිලින්ඩර 40,000ක් 50,000ක් නිකුත් කළ නමුත් අධිකරණයේ,ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ගෑස් පිරවීමේදී හා බෙදා හැරීමේදී යම් අඩුවක් සිදුවන බවත් ඒ අනුව මේ වන විට දෛනිකව සිලින්ඩර 10,000ක් 15,000 ක් බෙදා හරින බවද වෑගපිටිය මහතා පවසන්නේ.

මේ අතර සංවිධානාත්මකව ලාෆ් ගෑස් සිලින්ඩර එකතු කර නිල්පාට වර්ණයට හරවමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒගැන පොලිස්පතිවරයාව ද දැනුවත් කර තිබෙන බව ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාව දැනුවත් කළද ඔහු ඒ ගැන සැලකිල්ලක් නොදක්වන බවයි වෑගපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ගෑස් මිලදී ගැනීමේදී මේ වන විට ජනතාව මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය ගැන මීට ඉහතදීම බලධාරීන්ට පවසා සිටි අතර ලෝක වෙළෙඳපොලේ මිල ගණන් ඉහළ යන විට දේශීය මිල ගණන්ද මිල සූත්‍රයට අනුව ඉහළ දැමීමට ඉඩ දෙන ලෙස පසුගිය වසරේ මාර්තු මස සිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියද එයට අවස්ථාවක් නොලැබුණු බවත් මිල වැඩිකරන්නේ වසර එකහමාරකට පමණ පසුව වන අතර එවිට සමාගම් වල පිරිවැය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බවයි ඔහු පෙන්වාදුන්නේ.

ප්‍රෝපේන් සහ බියුටෙන් වෙන වෙනම ගෙන්වා නිසි සංයුතියට රට තුළ සැකසිය හැකි බවත් ලාෆ් ගෑස් සිදුකරන්නේ එම ක්‍රියාවලිය බවත් මෙහිදී වෑගපිටිය මහතා පැවසුවා.

ලංකාවේ මෙලෙස ගෑස් අර්බුදයක් හට ගත්තේ එම සැපයුම්කරුවන්ගේ ඒකාධිකාරය මත වසර දෙකක ගෑස් සැපයුම ලබාගැනීම වෙනුවෙන් කළ මෙහෙයුමක අතුරුපලයක් ලෙස බවද ඔහු සඳහන් කළා.

තවත් පුවත්