රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.
මේ අතර විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480 දෙනාට ද රුපියල් 5,000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ.
සමෘද්ධි ලාභීන්ගේ රුපියල් 3,500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1,000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත.
මේ අතර පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.
එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.
වතු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමටද තීරණය කර තිබේ.
ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සම්පූර්ණ බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ අතර ආබාධිත සෙබළුන් සඳහා ද රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.