A Brand of Non Media Shout (Private) Limited

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් මියයයි..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාලව රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. බොරැල්ල පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

මිතුරන් සමග ‌බෙදාගන්න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාලව රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

බොරැල්ල පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඊයේ රාත්‍රී සැකකරු මියගොස් ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාර්තා වෙයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරු නොවැම්බර් මස 23 වනදා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරුව නේවාසික ප්‍රතිකාර සඳහා සැකකරු දෙසැම්බර් මස 05 වනදා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ මෘත දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවය.(ninenews.lk)

තවත් පුවත්