හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඝාතනය කිරීමට තුවක්කුකරුවන් පිරිසක් පෙරේදා(04) උත්සහ ගත් නමුත් එය අසාර්ථක වී තිබෙනවා.
හයිටි නිදහස් දිනය පෙරේදා(04) දිනට දී තිබුණ අතර නිදහස් දිනය වෙනුවෙන් හයිටියේ උතුරු දෙසින් පිහිටි දෙව්මැදුරක විශේෂ දේව මෙහෙයකට සහභාගී වී සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.
මෙම ප්‍රහාරයට සම්බන්ධ පිරිස සොයා විශේෂ පරීක්ෂණ මේවන විට හයිටි ආරක්ෂක අංශ විසින් ආරම්භ කර තිබෙනවා.