A Brand of Non Media Shout (Private) Limited

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීම ශ්‍රී ලංකාවට අපද්‍රව්‍යවලින් වටිනාකමක් ජනනය කිරීමට උපකාරී වේ…

වගකීම් විරහිතව පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් රට තුළ අර්බුද රැසක් පැනනැගී ඇත. දත්ත පෙන්වා දෙන්නේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 5.9%කට වඩා

මිතුරන් සමග ‌බෙදාගන්න

වගකීම් විරහිතව පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් රට තුළ අර්බුද රැසක් පැනනැගී ඇත. දත්ත පෙන්වා දෙන්නේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 5.9%කට වඩා පොලිතින් සහ ප්ලාස්ටික් අඩංගු වන අතර එය දිනකට කිලෝග්‍රෑම් 400,000 ඉක්මවන බවයි. රටේ ස්වභාවික සම්පත කොතරම් වැදගත්ද යන්න සලකා බැලීමේදී, අපගේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීමට අප උත්සාහ කළ යුතු බව ඉතා පැහැදිලිය.

2021-2030 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම අපේ රට තැබූ වැදගත් පියවරකි. නිවැරදි ක්‍රමෝපායන්ගෙන් යුතු , ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය මෙම ගැටලුව අවම කිරීම සඳහා ගත යුතු වැදගත් ක්‍රියාමාර්ගයයි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය සහ නැවත භාවිතය සම්බන්ධ ප්‍රයත්නයන් ශක්තිමත් කළ යුතුයි. එහිදී විශේෂයෙන්ම පොලිඑතීලීන් ටෙරෙෆ්තලේට් (PET) වැනි පහසුවෙන් ප්‍රතිචක්‍රීයකරණය කලහැකි ප්ලාස්ටික් පළමුව ඉලක්ක කරගත යුතුයි.

ප්ලාස්ටික් බහුකාර්ය සහ කල් පවතින ද්‍රව්‍යයක් වන අතර ඒවා දිරාපත් වීමට වසර ගණනාවක් ගත වේ. එබැවින් මේවා නිසි ලෙස බැහැර නොකිරීමෙන් පරිසරයට හා වන සතුන්ට හානි විය හැක.

තවත් පුවත්