A Brand of Non Media Shout (Private) Limited

අතුරුදන්වී සිටියදී සොයාගත් දරුවන්ගෙන් හෙළිදරව්වක්..

දින 43කට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි පිරිමි දරුවන් දෙදෙනා කාන්තාවක් විසින් අද (06) පෙරවරුවේ මීරිගම පොලීසිය වෙත භාරදී තිබුණි. ඒ කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියදී

මිතුරන් සමග ‌බෙදාගන්න

දින 43කට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි පිරිමි දරුවන් දෙදෙනා කාන්තාවක් විසින් අද (06) පෙරවරුවේ මීරිගම පොලීසිය වෙත භාරදී තිබුණි.

ඒ කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ දරුවන් දෙදෙනාවය.

පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම දරුවන් පවසා ඇත්තේ නිවසේදී සිදුවූ හිරිහැර හා කුසගින්න හේතුවෙන් ඔවුන් නිවසින් පළාගිය බවය.

කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වූයේ පසුගිය නොවැම්බර් 23 වැනිදාය.

මෙලෙස අතුරුදන්ව සිටියේ වයස අවුරුදු 12ක් වන ජයසේකර මුදලිගේ අකිල දේදුණු සහ 10 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැලුම් වන ඥාති සොහොයුරන් දෙදෙනෙකි.

නමුත්, මොවුන් දෙදෙනාම පදිංචිව සිට තිබුණේ කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ නිවසකය.

මොවුන් සොයා දින ගණනාවක් පොලීසිය විමර්ශන සිදු කළත් එය සාර්ථක නොවීම නිසා පොලිස් මූලස්ථානය මෙම දරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරමින් මොවුන් සොයා ගැනීමට මහජන සහය ඉල්ලා තිබුණි.

එවන් වාතාවරණයක මීරිගම නගරයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන කාන්තාවක් මොවුන් අද උදෑසන මීරිගම පොලීසිය වෙත භාර දී තිබුණි.

ඇය පොලීසියට පවසා ඇත්තේ, අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේ සිය වෙළෙඳසැලට පැමිණ ආහාර ඉල්ලූ විට එය ලබාදී ඔවුන්ට නිවසේ නවාතැන් ලබාදුන් බවය.

මෙම දරුවන් අතුරුදන්ව සිටි කාලයේදී මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ආහාර ඉල්ලමින් ඉබාගාතේ ගොස් ඇති බවට තහවුරු වූ බව මීරිගම පොලීසිය පැවසීය.

පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ දරුවන් පවසා ඇත්තේ, තමන්ට නිවසේ බොහෝ හිරිහැර සිදුවීම නිසාත් කුසගින්නට ආහාර නොමැතිවීම හේතුවෙන් නිවසේ සිටීමට අකමැති නිසා නිවසින් පළාගිය බවය.

මීට පෙරද අවස්ථා දෙකකදී ඔවුන් නිවසින් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා මීරිගම පොලිස් භාරයේ සිටි දරුවන් දෙදෙනා කොටදෙණියාව පොලීසිය වෙත අද පස්වරු‍වේ භාරදී තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දරුවන් රැඳී සිටි ප්‍රදේශ සහ ඔවුන් අතුරුදන් වූ කාරණය පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කොටදෙණියාව පොලීසිය විසින් සිදු කරන බවය.

තවත් පුවත්