A Brand of Non Media Shout (Private) Limited

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සමුගැනීමේ කතාව අවිශ්ක ප්‍රතික්‍ෂේප කරයි…

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු තරග රටාවකින් සමුගැනීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු

මිතුරන් සමග ‌බෙදාගන්න

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු තරග රටාවකින් සමුගැනීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කළා.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ පසුබිමක අවිශ්ක ප්‍රනාන්දු ද ජාතන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වෙමින් ඇති ප්‍රචාර පිළිබද අදහස් දක්වමින් අවිශ්ක මේ බව කියා සිටියා.

එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය පිටු පරිශීලනය කිරීමෙන් හා එවැනි අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් වලකින ලෙසයි අවිශ්ක ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තවත් පුවත්