A Brand of Non Media Shout (Private) Limited

අදත් විදුලිය විසන්ධි විය හැකියි – CEB

අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලය පවසන්නේ දෛනික විදුලි අවශ්‍යතාව

මිතුරන් සමග ‌බෙදාගන්න

අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා හෝ විදුලි බලාගාර පද්ධති බිදවැටීම් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවය.

මේ අතර ඊයේ රාත්‍රීයේ අවස්ථා කිහිපයකදී කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිට තිබුණි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිදවැටීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ලවිය.

ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ රාත්‍රී 9.30 වනවිට විදුලි සැපයුම යථාතත්වයට පත් කෙරුණු බවය.

කෙසේ වෙතත් තවදුරටත් කැලණිතිස්ස බලාගාරයේ පද්ධති ක්‍රියාවලිය නිරික්ෂණය කරමින් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත්