ඉතාලියේ සිට උතුරු ඉන්දියාවේ අම්රිත්සාර් නගරයට පැමිණි ගුවන්යානයක මගීන් 125 දෙනෙකුට කොවිඩ් වෛරසය අසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ගුවන් තොටුපළ තුළ සිදුකළ පීසීආර් පරීක්ෂණවලදීයි මෙලෙස කොවිඩ් අසාදිතයින් බවට හදුනා ගෙන ඇත්තේ. ඒ අනුව ඔවුන් හුදෙකලා කිරීමට පියවර ගත් බවයි ඉන්දීය සෞඛ්‍ය බලධාරින් සදහන් කළේ.
ඉතාලියේ මිලාන් නුවර සිට අම්රිත්සාර් වෙත ගොඩ බැස්ස වූ මෙම ගුවන් යානයේ ගුවන් මගීන් 179 දෙනෙකු සිට ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඉන්දියාවේ පසුගිය පැය 24 තුළ කොවිඩ් මරණ 325 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය අසාදිත එක් අයෙකු සිටින බවද සදහන්.