ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ ජූනි මාසයේ එංගලන්ත සංචාරයක යෙදී සිටියදී ජෛව බුබුල කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ 2022 ජුනි මාසය දක්වා ක්‍රියාත්මක විමට නියමිතව තිබු තරග තහනම ඉවත් කිරීමට ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බවයි.