A Brand of Non Media Shout (Private) Limited

කලහකාරීන්ට අනතුරු ඇඟවීමකින් තොරව වෙඩිතබන ලෙස නියෝග..

කලහකාරීන්ට අනතුරු ඇඟවීමකින් තොරව වෙඩිතබන ලෙස කසකස්තාන ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. ජනාධිපති කසීම්-ජොමාර්ට් ටෝකයෙව් පැවසුවේ “කලහකාරීන්” 20,000ක් පමණ එරට අල්මාටි ප්‍රධාන නගරයට ප්‍රහාරයක් එල්ලකළ

මිතුරන් සමග ‌බෙදාගන්න

කලහකාරීන්ට අනතුරු ඇඟවීමකින් තොරව වෙඩිතබන ලෙස කසකස්තාන ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

ජනාධිපති කසීම්-ජොමාර්ට් ටෝකයෙව් පැවසුවේ “කලහකාරීන්” 20,000ක් පමණ එරට අල්මාටි ප්‍රධාන නගරයට ප්‍රහාරයක් එල්ලකළ බවයි.

දින කිහිපයක සිට පවතින ගැටුම් හේතුවෙන් මේ වනවිට කසකස්තාන වැසියන් 26 දෙනෙක් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රටපුරා උද්ඝෝෂණ ආරම්භ වූයේ රජය ලබාදුන් ඉන්ධන සහන ඉවත් කිරීමත් සමගයි.

මෙම ගැටුම් හමුවේ එරට අගමැතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වු අතර ගැටුම් පාලනයට රුසියානු හමුදා ඛණ්ඩ ද කැඳවනු ලැබුවා.

රටපුරා කලහකාරී සිදුවීම් වාර්තාවීමත් සමගම ඉන්ධන සහනය නැවත ලබාදීමට බලධාරීන් කටයුතු කළ නමුත් ගැටුම් අවසන් වී නැහැ.

තවත් පුවත්