සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ක්‍රියාත්මක වන පරිදි මියන්මාරයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමකට වෙළෙඳ අමාත්‍යාංශය සහ මියන්මාර නිලධාරීන් අත්සන් තැබූ බවයි.
එම සහල් තොගය “ආරක්ෂිත තොගයක්” ලෙස පවත්වා ගෙන යාමට ද අපේක්ෂා කරන බව ඔහු පවසනවා.