විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ වැටලීමකදී ලියාපදිංචි නොකළ රථ වාහන, ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකුව අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබුණි.
ඊට අනුව හබරාදූව පොලිස් වසමේ හැඩිවත්ත, හබරාදූව ලිපිනයේ පිහිටි හෝටලයකදී වැටලීම සිදුකර තිබේ.
විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙම වැටලීම සඳහා දින 3ක් ආවේක්ෂණ රාජකාරි සිදුකර තිබුණි.
නිලධාරීන් පැවසුවේ සැකකරු සමග හෙරොයින් ග්‍රෑම් 17ක්, චීනයේ නිෂ්පාදිත T54 TOKAREV වර්ගයේ (7.62×25) උණ්ඩ යෙදිය හැකි අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක්, එම අවිය සඳහා භාවිත කරන හිස් මැගසින් 02 ක්, ලියාපදිංචි නොකළ 1000 cc වර්ගයේ යතුරුපැදියක්, අධිශීතකරණයක් සහිත ලොරි රථයක්, KDH වර්ගයේ වෑන් රථයක් සොයාගත් බවය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සතුව තිබී මුදලින් රුපියල් 56,500ක් ද සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.(ninenews.lk)