A Brand of Non Media Shout (Private) Limited

ඔමික්‍රොන් ව්‍යාප්ත වීමට හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානය පහදයි..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති කරුණු පැහැදිලි කර තිබෙනවා. එම සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික

මිතුරන් සමග ‌බෙදාගන්න

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති කරුණු පැහැදිලි කර තිබෙනවා.

එම සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් විසින් සිදුකළ මෙම පැහැදිලි කිරීමේ දී ඒ සඳහා ඉවහල්වන ප්‍රධාන හේතුව වශයෙන් දැක්වූයේ ඔමික්‍රොන් ප්‍රභේදය මිනිස් සිරුරේ සෛලවලට පහසුවෙන් සම්බන්ධ වීමයි.

ඇය වැඩි දුරටත් සඳහන් කරන්නේ එන්නත්කරණයෙන් හෝ රෝගය වැළඳීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය මගහැරීමේ හැකියාව ඔමික්‍රොන් ප්‍රභේදය සතුවන බවයි.

මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම, සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපැදීම මෙන්ම ඇතැම් රටවලට බලපා ඇති ශීත ඍතුව හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ගොඩනැගිලි තුළ රැඳී සිටීම වැනි කරුණු මෙම භයානක ඔමික්‍රොන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වී ඇති අනෙකුත් සාධක ලෙස ඇය හඳුන්වා දී තිබෙනවා.

තවත් පුවත්